ලී ගුරුතුමාගේ අලුත් දේශනයන්

ලී ගුරුතුමාගේ නවතම දේශනයන් සිංහලෙන් කියවීමට:
- මානව වර්ගයා ඇති වූ ආකාරය
- නිර්මාතෘවරයා සියලු ජීවිත බේරා ගැනීමට බලාපොරෙත්තු වන්නේ ඇයි

ෆාලුන් ඩාෆා පිළිබඳ ව කෙටි හැදින්වීම

ෆාලුන් ගොංග්, ලෙසත් හදුන්වන ෆාලුන් ඩාෆා, ලොව වටා මිනිසුන් මිලියන ගණනක් ඔවුන්ගේ ජීවිතවල කොටසක් බවට පත් කරගෙන ඇති අධ්‍යාත්මික සංවර්ධන පුහුණුවකි. බෞද්ධ සම්ප්‍රදාය තුළ මුල් බැසගත් එයට ප්‍රධාන කොටස් දෙකක් ඇතුළත් වෙනවා. 1.ඉගැන්වීම් අධ්‍යයනය තුළින් ස්වයං-වැඩි දියුණුව 2. මෘදු ව්‍යායාමයන්, සහ භාවනාව.

විනය ගරුක පුහුණුවක් තුළින් අධ්‍යාත්මික වර්ධනයේ හැකියාව පිරිනැමීම ෆාලුන් ඩාෆා විශ්වාස කරන ක්‍රමයයි. ඔවුන්ගේ ජීවිතවලට විශ්වයේ මූලික ගුණාංගයන්: සත්‍ය, කරුණාව සහ ඉවසීම එකතු කර ගැනීමට ඔවුන් උත්සාහ දරණ නිසා එහි ඉගැන්වීම් අහිතකර බැඳීම් ඉවත් කිරීම ඉගෙන ගැනීමට දිරිමත් කරනවා.

ෆාලුන් ඩාෆා පුහුණු වන මිනිසුන් එයින් ඔවුන්ගේ ජීවිත නිතරම වෙනස් වන බව දැන ගන්නවා. අලුතින් ශක්තිය ලැබීම, මානසික නිරවුල් බව සහ ආතතිය සමනය වීම මෙන්ම බොහෝ චමත්කාරජනක ‌සෞඛ්‍ය ප්‍රතිලාභයන් අත්දැකීමෙන් දැන ගන්නවා. ඉතාම වැදගත් වන්නේ, බොහෝ දෙනෙකුට ෆාලුන් ඩාෆා තුළින් අගනා ප්‍රතිඵල ලබා දෙන ගැඹුරුම අධ්‍යාත්මික මාර්ගයක් ඔවුන්ට ලැබී තිබෙන බව දැනීමයි.  තවදුරටත් කියවීම සදහා .....